එදත් අද වගේම ලස්සනට ඉර පායලා තිබුණා...අද තමයි එයා ස්කෝලෙ යන මුල්ම දවස..හීනෙන් වගේ මටත් ඇහුණා අම්මයි,අප්පච්චියි කතා වෙනවා.ලස්සනට රැළි දාලා තිබුණ පුංචිම පුංචි ගවුම් පොඩ්ඩ,සුදුම සුදු පාට සපත්තු දෙක දාගෙන කණ්නාඩිය ඉස්සරහට ගිහින් වටයක් කැරකිලා හැඩ බැලුවෙ ඇත්තටම මං හරි ලස්සනයි ද කියලා.
අද ඔයා හරි ලස්සනයිනෙ මැණික..එහෙම කියලා අප්පච්චි එදා මාව තුරුලට අරන් සිපගත්තා ...මේම ලියද්දි අදටත් ඒ උණුහුම ඒ විදියටම මට දැනෙනවා..
ඔන්න එදා තමයි මම ස්කෝලෙ යන මුල්ම දවස.හැමදේම වගේ අලුත්.සපත්තු දාපු නිසා මගේ කකුල් හිරකරලා වගේ නුහුරු බවක් මට දැනුනා..සමහර වෙලාවට මේ පුංචි කකුල් පෙරලෙනවා..
ඇයි අම්මා..මේ බඩ මැදින් පටියකුත් ගැටගහන්නෙ..එදා ඔය විදියෙ එක එක ප්‍රශ්න ඉතින් ..