ආයෙම ඒ කාලෙට

 


මේ කතාව ලියන මම හැමදාම පුරුද්දක් විදියට කරන්නෙ උදේට වැඩට ගිහින් ආයෙම හැන්දවෙලා ගෙදර එන එක.ඒ ඇවිල්ලත් කාමරේට කොටු වෙලා ෆෝන් එක අතට අරන් උඩහට පහළට යන එක.ඔන්න ඔය විදියට තමයි මගේ මේ දවස් ගෙවෙන්නෙ.

වෙලාවකට මටම හිතෙනව ඇත්තටම මේ ජීවිතේ මොකද්ද කියලා.කොටින්ම කිව්වොත් නිදහස left. අඩු තරමින් ගෙදර අය එක්ක පවා කතාකරන්න වෙලාවක් නැති තරම්.
 
ඉස්සර නම් එහෙම නෑ ඉතින්.ස්කෝලෙ ගිහින් ආවම කලබලේට හොයාගත්ත රෙදි ටිකත් ගුලි කරගෙන යන්නේ ඇලේ නාන්න.නැත්තම් වෙළේ නියරවල් උඩින් දුවදුව මඩේ වැටි වැටි සෙල්ලම් කරන්න..නැත්තම් යාළුවො ටිකත් එක්ක පාසලේ එදිනෙදා දීපු වැඩ ටික කරන්න..ඒත් ඉතින් දැන් මේව නෑනේ.
 
මේ කියන කාලෙ වෙද්දි අපේ ගෙදර ටී.වී එකක්වත් තිබුනෙ නෑ.ගෙයි සාලෙට ඒක ආවෙත් මේ මෑතකදී .ඔය ටී.වී එක නැති කාලෙ අපි ගෙදර හතර දෙනාම එදා දවසෙ වෙච්ච දේවල් ගැන කතා කළා..ඔය ඉස්සරම වෙච්ච දේවල් ගැන තාත්තා ලස්සනට කියල දෙනවා.භීෂණය කාලේ වුන දේවල්.මිනිස්සු ඒ කාලේ හැසිරුණු විදිය,ඒ කාලෙ තාත්තලා පවා මුහුණ දීපු

නුඔයි සොබාදම

 


තුරුපත් පියන් මතින් ,
හුස්මට පණ දෙන
වසන්තයේ සොඳුරු
රූ රටා මවන,
විටෙක ගත සිත
නිවා සනසන ,
ලොව අපූර්ව මායම්කාරිය
නුඔයි සොබාදම ...

අප්පච්චි

  එදත් අද වගේම ලස්සනට  ඉර පායලා තිබුණා...අද තමයි එයා ස්කෝලෙ යන මුල්ම දවස..හීනෙන් වගේ මටත් ඇහුණා අම්මයි,අප්පච්චියි කතා වෙනවා.ලස්සනට රැළි දාලා...